Pages

........ආයුබෝවන්......

සතිපතා යාවත්කාල කරන හරබර තොරතුරැ රැසක් සමග

Tuesday, February 14, 2012

Windows 7 සිංහල හාවිතය(Fix Windows 7 sinhala type error)

සැහෙන කාලෙකට පස්සේ හිතුනා ආයෙත් blog ලියන වැඩේ පටන් ගන්න.
මුලින්ම කියන්නම්කෝ මාත් windows 7  වලට මාරු වෙලා මාස කීපයක් වෙනවා.Windows XP > Windows 7 වලට.Vista නම් install කලා විතරයි භාවිතට සුදුසු නැහැ වගේ තේරුන නිසා අයින් කලා.Vista වල Memory handling සාර්ථක නැහැ.XP තරම්වත් නැහැ කියලයි දැනුනේ.

7 නම් පරණ OS  දෙකටම වඩා ඉදිරියෙන්. 8 ත් එනවා කියලා ආරංචි... බලමුකෝ එකෙත් හැඩ වැඩ......

පරණ OS වගේ sinhala install කරන්න අවශ්‍ය නැහැ. Windows 7 OS එකේ සිංහල තියනවා.
ඒත් බැදි අකුරු "නෙ" "නො" "කෙ" "කො" හරියට type වෙන්නේ නැහැ. ප්‍රධාන අකුරු "අ" "ක" "ත" "න"......  නම් හරියට type වෙනවා.

 ලොකු දෙයක් කරන්න නැහැ.Vista Quick Fix install (http://www.siyabas.lk/files/VistaQuickFix.exe)කරන්න. Vista වුනාට ප්‍රශ්නයක් නැහැ 7 වලට වැඩ කරනවා. මොකද 7 සහ Vista වල ‍ලොකු වෙනසක් නැහැ.


සිංහල keyboard install කරගන්න start>control panel(view by category) change keyboard and other input setting >change keyboard>Add(select sinhala Sri lanka) තෝරන්න.

1 comment:

  1. ගොඩක් ස්තූතියි ඒ මගපෙන්වීමට. පුළුවන්නම් සිංහල පාලි අකුරු ලියන හැටි කියල දෙන්න.

    ReplyDelete