Pages

........ආයුබෝවන්......

සතිපතා යාවත්කාල කරන හරබර තොරතුරැ රැසක් සමග

Wednesday, September 29, 2010

Dialog RingIN Tones

ඔන්න ආයෙත් ආවා.අලුත්ම අලුත් දෙයක් ගැන නම් නෙමෙයි කියන්න හදන්නේ.Dialog RingIN tones කියන්නේ බොහෝ දෙනෙක්ට හුරැ පුරැදු දෙයක්නේ.ගොඩක් අය භාවිතාත් කරනවා.අන්න ඒ භාවිතා කරන අයටයි, නොකරන අයටයි වැදගත් වෙන දෙයක් තමා මේ කියන්න හදන්නේ.

 RingIN tones ගැන මොනාද අලුතින් කියන්න තියෙනනේ.................නේද?එහෙනමි ලිපිය අවසන් වෙන තෙක් කියවලාම බලන්න මේ ගැන ඔබ දැන සිටියාද කියා...!

ඔබේ දුරකථනය වෙත එන සියලු ඇමතුම් සදහා ගීත ඇසේනවා නේද? ව්‍යාපාරික,රාඡකාරි ඇමතුම් වලදි නම් මෙය ඉතා අවලස්සනය.මේ ලිපියේ අරමුණ එය වෙනස් කරන ආකාරය පැහැදිලි කිරිමයි.

 බොහෝ අය මෙම සේවාව සදහා ලියා පදිංවි වන්නේ 387 ඩයල් කරලානේ..387 ඩයල් කරනවාට Rs. 2 බැගින් විනාඩියට අය කරනවා.මේ වැඩේ නොමිලේම කර ගන්න විදිහකුත් තියනවා.ඒ #107# ඩයල් කරලා.
මෙන්න මේ විඩියට තේරිම් කොලොත් ලියාපදිංචිය නොමිලේම කරගන්න පුඵවන්.#107#<send> 4 <send> 1 <send> 1 <send>.

ඒ විතරක් නෙමේ මේ  #107# ඩයල් කරලා RELOAD නොමිලේම දාන්නත් පුඵවන්.356 SMS යවලා RELOAD දාන්න Rs.1.31 අය කරනවානේ.

#107#<send> 2 <send> යවන්න ඕනා කරන මුදල වෙන තෙක් 2 තෝරන්න.

මුල සිට මෙම සේවාව ගැන දැන ගන්න මෙතන සිට කියවන්න.

RingIN tones සදහා ලියාපදිංචි වු පසු කරන්න තියෙන්නේ Dialog.lk වෙත පිවිස MyAccount සාදා ගැනිමයි.
 මෙම සේවාව භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගත හැක.
MyAccount web Page

Registration form
ලියාපදිංචිය අවසන් වු පසු දුරකථන අංකය තහහුරැ කර ගැනීමට SMS මගින් code යවා එය නැවත පහත පෙනෙන ස්ථානයට ඇතුල් කරන ලෙස දැනුම දෙයි.එයද සාර්ථක වු පසු ඔබට MyAccount වෙත පිවිසිය හැක.
SMS Validation
ඉන්පසු පහත පරිදි ඔබේ Dialog Myaccount  වෙත පිවිස RingIN tones සැකසුම් කර ගත හැක.මේ සදහා Login to RingIN tones web portal තෝරන්න.
Myaccount Log
RingIN tones web portal වෙත පිවිසි පසු නැවතත් Login වීමට අවශ්‍ය වෙයි.එය සාර්ථක වු පසු පහත පරිදි දිස්වෙයි.
Add caption

දැන් ඔබට කැමති පරිදි ගීත තේරිම,ලබා ගැනිම,ඇසිම කළ හැක.ගීත ලබා ගැනිම සදහා අදාළ ගීතය තේරිය යූතුය.එවිට පහත පරිදි දිස් වේ.මෙමගින් එබ තේරෑ ගීතය වාදනය වීම ආරම්භ වේ.

song playing window
සැ.යු මෙම ගිතය ඔබට අනවශ්‍ය නම් close තෝරන්න.confirm තේරිමෙන් එය ඔබේ Myaccount වෙත download වනු ඇත.මේ සදහා Rs 40(සියලු බදු සමග) අය වේ.(Rs 30 බදු රහිතවය)

Gifting තේරිමෙන් එම ගීතය වෙන කෙනෙකු වෙත යැවිය හැක.ඒ සදහා මුදල් ඔබෙන් අය වේ.

 මෙම සේවාව ගැන වැඩිදුර දැන ගැනිමට මෙතන සිට කියවන්න.

 ඔබ ලාබා ගත් සියලු ගීත Mytones වෙත පිවිසි පසු බලා ගත හැක.එය පහත පරිදි දිස් වේ.
RingIN tones සැකසුම් සදහා RingIN tones settings>advanced settings තෝරන්න.
 මෙහිදි මෙතෙක කර ඇති සියලුම සැකසුම් මෙහිදී බලා ගත හැක.ඔබ පළමු වතාවට නම් මෙය භාවිතා කරන්නේ ඔබ ලබා ගත් ගීතය Default RingIn Tone ලෙස පහත පරිදි දිස් වේ.

 
ඉන් පසු එයට පහතින් ඇති Add button තේරිමෙන් නව සැකසුම් ඇතුලත් කල හැක.

 සැ.යු. Default RingIn Tone ලෙස ඇති ගීතය ඔබේ දුරකථනය වෙත අමතන සියලූම දෙනා වෙත ඇසේ.ඔබේ දුරකථනය වෙත ව්‍යාපාරික,රාඡකාරි ඇමතුම් ලැබේ නම් මෙය ඉතා අවලස්සනය.මේ සදහා පහත පරිදි සැකසුම් සැකසීමෙන් ව්‍යාපාරික හෝ රාඡකාරි ඇමතුම් සදහා ගීත නොඇසෙන ලෙසත් ඔබේ ආදරවන්තිය/ආදරවන්තයා හෝ ඔබ නම් කරන අය අමතන විට ගීත ඇසෙන ලෙසත් සැකසිය හැක.එය ඔබ නම් කරන කාල පාරාසයක් තුල ක්‍රියාත්මක වන පරිදි සැකසිය හැක.උදෑසන- එක් ගීතයක්   දහවල්- තවත් ගීතයක්ද   රාත්‍රි- තවත් ගීතයක්ද ලෙසින්........


Add button තේරිමෙන් පසු ඔබ My Tones > RingIn Tone settings > Advance Setting > Add setting වෙත පිවිසෙනු ඇත.එය පහත පරිද් දිස් වේ.


මෙහි සැකසුම් සරල පියවර 3 කින් අවසන් කළ හැක.

පියවර 1දී අදාළ පුද්ගලයා(Personal RingIn),කණ්ඩායම(Group Ringin) හෝ නිතරම ඇසෙන(Default Ringin)
ලෙස සැකසිය හැක.

Personal RingIn සදහා අදාළ පුද්ගලයාගේ දුරකථන අංකය ඇතුලත් කරන්න.දෙවන පියවරේදි අදාළ ගීතයද තෙවන පියවරේදි අදාළ කාල පරාසයද සැකසිය හැක.Full day ලෙස තේරීමෙන් මුලු දවස පුරම එකම ගීතයද,අනෙක් තේරීම්වලදී කැමති දිනයත කැමති වේලාවකදි ඇසෙන ලෙස සැකසිය හැක.


Group Ringin සදහා Group වෙන වෙනම සැකසිය හැක.මේ සදහා Add a group button තෝරන්න.ඉන්පසු පහත පරිදි එම කණ්ඩායම සදහා අදාළ දුරකථන අංක ඇතුලත් කරන්න.



Add Phone number තේරිමෙන් 5 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මෙම කණ්ඩායම සදහා ඇතුලත් කළ හැක.මෙහි Group No 1000 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබා දීම අනිවාර්්‍ය වේ.දෙවන සහා තෙවන පියවරවල් Personal RingIn සදහා සැකසු පරිදිම වේ.


අවසාන් පියවර ලෙස Default Ringin tone ලෙස ඇති ගීතය ඉවත් කළ යුතු වේ.ඒ සදහා නැවතත් My Tones > RingIn Tone settings > Advance Setting > තෝරන්න.





එය ඉහත පරිදි ඔබ විසින් ඇතුලත් කරන ලද සැකසුම් සමග දිස් වේ.මෙයින් Default Ringin tone ඇති ගීතය Delete කරන්න.එසේ නැති නම් ඔබේ දුරකථනය වෙත අමතන සෑම දෙනා වෙත Default Ringin tone ලෙස ඇති ගීතය ඇසෙනු ඇත.

මේ සටහනින් ඔබට යමක් ලැබෙන්න ඇතැයි සිතමි.එය මගේද සතුට වේ.එබැවින් ඔබේ අදහස් මට ඉතා අගනේය.පහත ඔබේ අදහස් සදහා වෙන් කලෙමි.















No comments:

Post a Comment